Oct 28, 2015

කොහේවත් යන එවුං ගේ අස්සේ දාගෙන

ජනේලෙන් ඈත පේන කඳුවැටිය දිහා මම හීන දැක්කා.
 කවද හරි දක්ෂ ලේඛිකාවක් වෙලා පොතක් නැහැ පොත් සීයක් වත් ලියනවා.
 ඔව්.. කවි පොත් 25ක් වත්.. ආය මොකටද ටිකක්.
නොදැනිම මගේ ආවෙ මද හිනාවක්.
හ්ම්ම්ම්ම් හීනා දකින එක හොඳයි කියනවනෙ?
ඒත් හීන මත්තෙම දවල් හීන නොදැක දවලට උයන්න ගියොත් හොඳයි කියලයි ආයෙම මට හිතුනෙ
ඊයෙත් කෑවෙ වට්ටක්කා. අද කොස් ගෙඩියක් වත්  කඩා ගන්න තිබුණා නම් හොඳයි. ගස් නම් තෙමිලා තමයි. කොස් අල්ලගත්තොත් මට කවියක් වත් ලියන්න බැරි වෙනවා.
හිස් බැල්මෙන් මම චුට්ටක් වෙලා ජනේලෙන් එළිය බලාගෙන හිටියා.
"උයන්දෝ  නොඋයන්දෝ කියලා සිතුනාට....... ඒ ගැන කවියක් වත් ලියමුද?
ඔන්න ඔහේ වෙන දෙයක් ගැන ලියනවා.
"හමන මදනල මගත දැවටී කියනවා රස කතාවක්"
පවනයි මලයි ගසුයි වැලුයි ආදරයයි වෙන .... මරණය ..... දරු දුක ... හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්
ලිව්වත් කවුද කියවන්නේ.
ලයික් කමෙන්ට් එකත් දාන්නෙ හරියට අතෙන් යනවා වගේ.
බැනලවත් ලිව්ව නම් ඒකත් එකක්..
 මේ එෆ්. බී එක අස්සෙ රින්ගන් මටත් වෙන වැඩ නැහැ වගේ.
චැට් එකක් සෙට් උනත් මැටිම මැටි

ඔන්න කියන කොටම ෆිට් එකක්ද මන්දා මට මතකත් නැහැ
එයා: හායි
මම:හායි
එයා:කොහොමද
මම:හොඳින් +  ස්තූති+ ඔයා?
එයා:මමත් හොඳින්
මම:ඔයා කෑවද?
එයා:ඔව් කෑව
(දැන් ඉතින් මොනවද අහයි )
මම:නා කා බී ඉන්නෙ. ඔයා?
( එයා දැන් කල්පනා කරන්නේ  මොකද්ද මේ "නා කා බී" කියන්නේ කියලා )
ඒ අතරෙ මට සී. සී චුට්ටක් ප්ලේ කරන්න පුළුවනි )

"අම්මේ මෙන්න මල්ලී කවුද එක්කං ඇවිත්......" නංගිගේ ඝණඨාරෙ සද්දෙන් මගේ හිත මේ ලොකෙට ආවා.
"වයස හොඳයි කාලෙ යසයි  මොකද කියන්නේ? " කියලා එයා ඊයෙත් කිව්වෙ මේකද මංදා.

මං මගේ කණ සාලෙ දිහාවට හරවන ගමන් චැට් බොක්ස් එක දිහා බැලුවා

එයා: කෝ මට දෙන්න පොරොන්දු වුණු එක?
මම: ම්.ම්.ම්.ම්.ම්. මොකද්ද?
එයා: අය්යෝ. ඒකවත් මතක නැත්ද?
( මට ඔයාවත් මතක නැහැනෙ කිව්ව නම් හරි. චැට් ඕෆ්  කරමුද නැතිනම් ස්ක්‍රොල් කරල ඉල්ලුවෙ මොනවද කියලා බලමුද.. කියලා මම හිතන කොටම .......)

චූටි පුතා ඔයා මොනවද මේ කෙරුවේ? අම්මගෙ නොරිස්සුම් හඬ ඇහුණා. තනි තීරණයක් ගන්න කළින් අපෙන් අහල ඉන්න ඕනි නේද?

ඔන්න ම්ං නම් දන්නේ නැහැ ඔය මොකවත්ම. නංගි ආය දොඩවනවා.
ගන පූර්නය පුරවන්න යනවද නැතිනම් මෙතනම ඉන්නවද? මගේ හිත දෙගිඩියාවකින් පෙළුනා.
ඊළඟ වචනෙ පෙල ඇහෙන කම් මම ස්ක්‍රීන් එක දිහා බලං හිටියා.

එයා: ඇයි අනේ මම ඔයාගෙ 4ටෝ එකක් ඉල්ලුවෙ
මම: ඉතින් මම දෙනවා කිව්වද?
එයා: ඔව්
මම: ඒක නම් බොරුවක් . ඔයාට චැට් මාරු වෙලා නේ?
එයා: නැහැ ඔයාටමයි එව්වේ
( තව කී දෙනෙක්ට ඕකම ලිව්වද දන්නෙ නැහැ. එක අතකට  " " 4ටෝ එකයි , අයිඩෙන්ටි කාර්ඩ් එකේ කොපියකුයි. උප්පැන්න සහතිකයි කේන්දරයයි එවන්නද  කියලා ඇහුව නම් හරි )

බැක්ග්‍රවුන්ඩ් මියුසික් එකක් වගේ මට සාලෙ දෙබසත් ඇහුණා

ඔන්න මගේ කාමරේ නම් ඉඩ නැහැ. නංගිගේ සීනුව හෙල්ලෙනවා.

අප්පෝ කවුදඔයාගේ කාමරේට එන්නේ? මල්ලිගේ මෙච්චර වෙලා සද්දෙ නැතිව තිබ්බ කටහඬ ඇහුණා.
(මගෙ අම්මෝ දෙශසීමා අරගලයකටයි පෙරලෙන්න හදන්නේ )

"අනේ අම්ම එයාට යන්න එන්න තැනක් නැහැ." මල්ලි ආයම කං කෙඳිරි ගානවා ඇහුණා.

"ඔය කොහේවත් යන එවුන් ගේ අස්සෙ දාගෙන දෙන්නා තුන් දෙනා වුනාම ඒවත් කරන්න වෙන්නේ අපිටම තමා.අනික ලොකු අක්කිට මේ ගෙදර තියෙන වැඩ මදිද? එයත් ගිය දවසකට තේරෙයි"

මම පුටුව  සද්ද කරගෙනම නැගිලා සාලෙට ගියා.

ඔක්කොම මම දිහා බලන්නේ හරියට මම වැරැද්දක් කරලා වගේ නෙ? මට හිතුනෙ එහෙම....
මල්ලිගෙ පිටිපස්සට වෙලා එයා අසරණ විදිහට මං දිහා බැලුවා. හරිම අහිංසක ඇස් දෙකක් .
හිත හොඳ ගෑණි හැමදාම ..... ලු . මට හිතුනෙ එහෙම.

මල්ලිගෙ පැත්තටවත් අම්මගෙ පැත්තටවත් කතා නොකර මම හැරිලා ආවා ආපහු කාමරේට. ක( ර් ) ටන් එක ඇදලා දොරත් වහගත්තා. කොහොම කතා කරත් මට තමා පාඩු, ඒක හැමදාම එහෙමයි.
තමාගේ මැට්ටම් තම්මැට්ටම්ලු . මල්ලිම ප්‍රශ්නෙ විසඳගත්තෙන්.

මම පුටුවෙ වාඩිවෙලා චැට් බොක්ස් එක දිහා බැලුවා.

එයා: එපා අනේ එහෙම කරන්න
එයා:අපි දැන් හොඳ යාළුවෝනෙ?
එයා:ඉතින් මම කාටවත් පෙන්නන්නේ නැහැ .ඇත්තමයි
එයා:මම හොඳ කෙනෙක් මාව විශ්වාශ කරන්න
එයා: අනේ ඇය් රිප්ල්යි කරන්නේ නැත්තේ
එයා: ඕක අරන් මම මොනව කරන්නද?
මම: මෙතුවක් කල් කාටවත් දුන්නෙත් නැහැ . දෙන්නෙත් නැහැ . ආය ඉල්ලන්නත් එපා ටයිප් කරන් ගියා
ටයිප් කරන් ගිහින් එන්ටෙර් කරල  චැට් ඕෆ් කළා

ජනේලෙන් එල්ලිලා මෙන්න මල්ලි මං දිහා එයාගෙ චිත්තාකර්ශනීය හිනාව දාගෙන. එයාගෙ සාක්කුවෙන් අරන් පේර ගෙඩි ටිකක් මගේ මේසෙන් තිබ්බා.
"පගා දෙනව නේ?" මම ඇහුවත්  එයා දන්නවා මගේ කේන්තිය ඉවරයි කියලා.. එයාගෙ මඩ ගෑවුණු අත් වලින් එයා මට බූන්දි පර්සල් එහෙකුත් දුන්නා. එයා දන්නවා මම ඒවා කන්න ආස වග හොඳේ.
..
මල්ලිගේ වම් අතේ දැවටිලා හිටිය එයා ජනෙල් කූරු අස්සෙන්  පැනලා මගේ ඇඳට වැඩියා.

ඉන්පස්සේ මං දිහා අසරණ විදිහට බලල "ඤාව්" කියලා මගේ කොට්ටෙ  ළඟම හාංසි වුණා.
මල්ලියි මායි මූනට  මූන දිහා බලල හිනාවුණා

ඔන්න ඔය විදිහට  එයා මගේ ඇඳ බෙදාගන්න පටන් ගත්තේ.

කොහේවත් යන එවුන් ගේ අස්සෙ දාගත්තා විතරක් නෙවෙයි... එයා මගේ කාමරේටත් ගත්තා.











Oct 25, 2015

~‍යුද්ධය විකුණ ගෙනම කමුද?~

අපි ජීවත්වෙන්නෙ නම් විශ්වගම්මානයක් තොරතුරු යුගයක් ගැන කතාවෙන තවත් පෘථිවියට සමාන ග්‍රහලෝක හොයා ගන්න කාලෙක නෙ?
ඉතිං අපි හුඟක් ශිෂ්ඨ වෙලා නෙ?
ඒ නිසා අපි නඩු හබ කියා ගන්නෙ නැහැ.
සණ්ඩු සරුවල් වෙන්නෙ නැහැ
හොරකම් කරන්නෙ නැහැ
පගා ගන්නෙ නැහැ
ගෘහස්ථ හින්සනය ගැන දන්නෙවත් නැහැ
බාලාපචාර කරන්නේම නැහැ
ළමයි මහමග දාලා යන්නෙම නැහැ
කොටින්ම කියනවා නම් මිහිතලය සුරපුරක්
ඔය ලයිස්තුව කියන්න ගියොත් ම තව කොච්චර කාළයක් මේකම ලියන්න වෙයිද දන්නෙ නැහැ
ඔය මොන ප්‍රශ්නෙටත් කතා කරන පෙළපාලි යන දේශපාලකයොන්ට බනින ( හිටපු ඉන්න ) අය ඕනතරම් නෙ?මමත් ඉතිං කුරුටු ගාන්න ආව.
වැරදුනා, මගේ කී බොර්ඩ් එකට කොටන්න ආවා
අම්ම කියන්නෙ එහෙම " ඕක කොට කොට හිටියොත්  හරි උදේ ඉඳන් රෑ වෙනකම්"
අපේ රට අවුරුදු 30ක යුද්ධයකින් පස්සෙ යන්තම් නිදහසේ හුස්ම ගන්නවා.
ඕං කවුරුත් මට පාට ගාන්න හදනව නෙවි. යුද්ධෙ දිනුවනෙ? ඉන් පස්සේ වුණු දෙවල් ඒ කාළෙදි වුණු දේවල අපි කවුරුත් දන්නවා නෙ? අලුතෙන් කියන්න දෙයක් නැහැනෙ?
යුද්ධෙත් එක්ක ඊට පස්සෙ ඇතිවුණු ප්‍රශ්න මොනවද? හමුදාවෙ/ සිවිල් වැසියන්ගෙ හා යුද්ධෙට සම්බන්ධ අනිත් පාර්ශව වල ගැහැණු අයට හා ළමයින්ට  මොනවද වුනේ?
වෙන්නේ?
එයාලට යුද්ධය ඉවරද?
ඔය කෑගහන හැමෝටම කරන්න පුළුවන් දෙයක් ඒ අය වෙනුවෙන් තියෙනවද?
උඩුයටිකුරු වුණු එයාලගෙ ජීවිත වලට මොකද වෙන්නේ? කවුද දන්නේ?
ඒ ඇස් වල බලාපොරොත්තු තියෙනවද තව ජීවත් වෙන්න?
කන්න බොන්න අඳින්න  තිබ්බත් අම්මා තාත්තා ලඟ නැති එයාලගෙ අහිංසක හිත්වල සතුට තියෙනවද?
දුවේ පුතේ කියලා ආදරෙන් ඔළුව අතගාන අම්ම අප්පච්චි නැතිව තනිවුණාම මොනවා හිතෙයිද? කවදා එයාලා සාමාන්‍ය ජීවිතයක් ගත කරයිද?

යුද්ධය නිසා තනිවුණු මේ දරුවාගේ ඡායාරූපය මට ලබා දුන්නේ Doctor @Hemachandra Kularathna. නමුත් ඒ දරුවාගේ ජීවිතය හිතට කිට්ටුවෙන් යන දෙයක් මට ලිවීමට නොහැකි වීම ගැන කණගාටුයි smile emoticon


ඔයාල දන්නවනේ ඉතින් මගේ වැඩේ කවි ලියන එක කියලා. කවියක් ලිව්ව හැබැයි ඒ පුන්චි හිතට ලංවෙන්නවත් මට බැරි වුණ බව පෙනෙයි ඔයාලට මේක කියෙව්වම


ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
....
සීත දැනේ බඩගින්දර
මට විතරක් දෝ කියන්න
පාන් නැතත් අප්පච්චි
මං බලන්න ඇවිත් යන්න

ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
...
අම්මත් නැති අප්පත් නැති
අසරණයා කියා කියා
ටොපි චොකලට් ගොඩක් දීලා
හොඳ මාමලා යන්න ගියා
..ඈත අහසෙ පිපී දිලෙන
රන් තරුවේ මේ අහන්න
මෑත මගේ ලොවට එබී
එක මොහොතක් ලඟින් ඉන්න
රෑට රෑට හරි සද්දේ
දුවන්නමයි මට හිතෙන්නෙ
යන්න බයයි ඒ මැද්දේ
අලි කොටි රැල බලන් ඉන්නෙ

මැටි පෙම් කවිම ලියලා කාලේ නාසිති කරනවා කියල යාළුවෝ මට දොස් කියනවා. ඔය ෆොටෝ මට එවන්නෙත් ඒකයි. අනුන්ගෙ දුකක් කරදරයක් තමන්ගෙ වගෙ දකින පුළුව්න් වෙන්නත් මනුස්ස හිතක් තියෙන්නා ඕනිනෙ?
ඉතියෝපියාවෙ බඩගින්නෙන් දුක්විඳින දරුවෙක් ෆොටෝ එකක් මේ අපි චුට්ටක් මෙයා ගැන හිතමුද? ඒ ලංකාවෙ නොවුනත් මේ අරුම පුදුම් විශ්ව ගම්මානයම නෙ?
නා නා ප්‍රකාර සංවිදාන වලටයි රටවලටයි ආධාර දෙනවා කියල කරන්න පුළුවන් මොනවද?
අපිට මොනවද කරන්න පුළුවන්?

~~~ ඉතියෝපියාවේ අසරණ දරුවන් ගේ සිතිවිලි විය හැකි දේ වලින් ටිකක් ~~~

නෙත් අග කඳුළු නැත වතුරද නැති....... හන්දා
බත් පත වියලි දුහුවිල්ලද නිති............ බැන්දා
සත් හට විපත මිහිපිට දුගතිය ........... කැන්දා
තෙත් හදවතක මුදු බව අහිමිද.......... මන්දා..

හිස් අහසකට වැඳ වැඳ දෝතම යොදලා
වස් වැදි රටට අනුහස යාදිනි .......කියලා
කුස් පිරවුමට ටික ටික ආහර .... පතලා
මස් නැති කටුගොඩට මිය යාමද යැදලා

..ගිනිගත් පොළෝ තල ගිනිගෙන ... දැවෙන්නේ
සුවහස් දහස් යම පලුවොද............... හිඳින්නේ
නිවහන් මහල් මම මොකටද............ පතන්නේ
බියතුන් තමයි හැම දෙසකම ....... පෙනෙන්නේ

..කන්නට බොන්න නැහැ කිසි දෙය......... සොයන්නේ
ඉන්නට තැනක් මම කුමටද.................... බලන්නේ
දුන්නට අහර නැහැ කුසතුල ................රැඳෙන්නේ
බැන්නට කමක් නැහැ මරණය .......... පතන්නේ


මෙයාලට ජීවත් වෙන්න අයිතියක් තිබ්බට ජීවත්වෙන්න ඕනිද මෙයාලට?
ප්‍රශ්නය ඔයාලට ඉදිරිපත් කරන්නම්