May 10, 2015

විරුවාණෙනි,

විරුවාණෙනි,
නෙතු කඳුලක් හීනියට
මගෙ දෑසේ නොදැනීම ....
විරු පුතෙක් වීය උඹ
රැකගන්න දිනූ බිම.......
සම් මස් ලේද ඇට නහර
පිදූ උඹ දිනු බිමට......
දොහොත් මුදුනත 
තබා වඳිනෙමි .......

පන්සාලිස් වතාවක්
පෙරුම් නොපිරුවද
බුදු බවට වරම් ඇත.....

උඹ නමින් නෙක ස්මාරක
බිලි දුන් අයද උඹෙ ජීවිත
සුදු පිරුවටින් සැරසි
බිලි දෙයි උඹෙ ආත්මයද..

දිවි පිදූ රට 
සුණු විසිණු කරමින්
බෙදා දෙයි  හරියට
මෙරට උන්ගෙ අම්මගෙ අප්පගෙ
උපතින් ආ බූදලයක් වගෙම


අනේ  නෙත් වසා කන්වසා
කෙළෙස සිටිමුද මෙලෙස?
තිස්  වසරක් බිලිවී
රැකගත් ලක් අම්මා 
පෑනකින් බෙදන කල?

1 comment: