May 8, 2015

.රබන් පදයක්

1
කූර කරකවා කූර කරකවා ~උණු තෙල් දැන් දමතෙයි
          තෙතෙයි තෙයි/උණු තෙල් දැන් දමතෙයි
පාන හිනා දැක නැන්දගෙ දෝනි~ හැඩට කැවුම් බැදෙතෙයි
         තෙතෙයි තෙයි/ හැඩට කැවුම් බැදෙතෙයි 
ගේන කෙසෙල් කැන් වහල පුරාවට~ මෙන්න ඔබරි පාතෙයි
             තෙතෙයි තෙයි/ මෙන්න ඔබරි පාතෙයි 
සීරු මාරුවට හදන කොකිස් ටික ~මුට්ටි පුරා පිරිතෙයි 
             තෙතෙයි තෙයි/ මුට්ටි පුරා පිරිතෙයි


2.
x

අතිරස වට්ටිය මේසෙ උඩම හිඳ~ බඩට බැලුම් හෙලතෙයි 
               තෙතෙයි තෙයි / බඩට බැලුම් හෙලතෙයි
ගොම ගෑ ගෙබිමෙහි රූප සොබාවට ~මසිත සතුටු කෙරෙතෙයි
              තෙතෙයි තෙයි / මසිත සතුටු කෙරෙතෙයි
කිරිබත ඉදෙනව සුවඳ දැනෙන කොට ~සිරිකත ගෙට වඩිතෙයි
                   තෙතෙයි තෙයි/සිරිකත ගෙට වඩිතෙයි
අවුරුදු අරගෙන කුමරු වඩින කොට~ හිත් වල මල් පිපිතෙයි 
                       තෙතෙයි තෙයි/ හිත් වල මල් පිපිතෙයි

No comments:

Post a Comment