May 11, 2015

මහළු මඩමක ඉන්න අම්මාට

අසරණ බව දුටිමි නෙත් යුග ...........පුරාවට
නෙත්යුග හිනා සෙව් වග  පෙනේ..... මනාවට
වෙසතුරු බව නොවෙයි හදවත......... පුරාවට
සුසුමක ඉඟිවැකිය දුටුවෙමි............ හිනාකට





ඉසි කෝ මාන පිරිදිවියක් ................ගෙව්වාද?

දැසි දස් නෑ පිරිවර මැද .................උන්නාද?
වතුපිටි හරක බානක රඟ............... දුටුවාද?
හිමි නැති පෙමක පැටළුණු සිත............ වින්දාද?





මුදු වදනකට කන් පෙති නුඹේ.....සොයනවද?

රස මසවුලක රස සිහිනෙන්........ දැනෙනවද?
දොර දන් දෙන්න වෙසතුරු මෙන් ....හිතුවාද?
මතු බුදු වෙන්න දරුවන් දන් ..........දුන්නාද?.





තනිවුනු නෙතට දුක කඳුලක් නොම........ ඒවා

තනිවුනු හිතට දුක් සුසුමක් නොම .........ඒවා
මුනුබුරු දරුන් ඉඳ හිට වත් මෙහි ..........ඒවා
මතු බුදු වෙන්න මතු දිනකදි හැකි..........වේවා

15 comments:

  1. හංසමාලි... අපූරුයි.. එකපාරට හිතට ආව අදහස එක හුස්මට ලියල දැම්මද? මට කවි ලියන්න බෑ.. හැබැයි ලියවුනු කවි වල ඇද හොයන්න පුළුවන්. බොරුනම් අහමු කටුස්සගෙන්.
    පලවෙනි කවියෙ දෙවැනි පදපෙළ පොඩ්ඩක් එහෙමෙහෙ කළා නම් තාලෙ එක දිගටම රැකෙයි කියල හිතුන.
    දෙවැනි කවියෙ දෙවැනි පදපෙළ "දැසි දස් නෑයො" විදියට වෙනස් උනොත් තාලය රැකෙයි වගේ හිතුන.
    තුන් වෙනි කවියෙ තුන්වෙනි පද පෙලේ දොරදන් දෙන්න ද නැත්තං දොළදැන් දෙන්න විදියට වෙනස් වෙන්න ඕනැද?
    හතරවෙනි කවියෙ තුන් වෙනි පද පෙළ හිස්තැනක් තියෙන්නෙ ඇයි? ඒක "මුණුබුරු දරුන් ඉඳහිට වත් පැමිණේවා" කියල වෙනස් උනොත් කොහොමද?

    කවි ගැන මෙලෝ මලදානයක් නොදන්නා මං පණ්ඩිතකම් කිව්වා කියල හිතන්න එපා. අපූරු නිර්මාණයක්. ජයවේවා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මාත් හිතනවා

      Delete
    2. මේ කෙල්ලට කඩි කුලප්පුව.. කොච්චර හොඳ හැකියාවක් හා නිමිත්තක් තිබ්බත් ටිකක් නිවී සැනසිල්ලේ නිර්මාණයක් කරන්න බැරිනම් වැඩක් නෑ.. වදන්නන් වාලේ ළමයි වදන අම්මලා වගේ නැතුව 'ළමයි හදන්න ලස්සනට'. කියන්නේ හදා ගන්න තියෙන උවමනාවට.

      Delete
    3. ස්තූති බොහෝම . ඔක්කොටම වඩ හෙමින් කියවල අඩු පාඩු දැකල ඒ ගැන කියන්නත් වෙලාවක් ගත්ත එක ගැන :)

      Delete
    4. ayyyyyyyyyyyyo mokadda ayye :(
      hari hari liyannamko hemin :D
      + කල්‍යාණ මිත්‍ර

      Delete
  2. අද හෝ හෙට පුළුවන් වුණොත් මාත් ලියන්නම් මෙහෙ මහළු මඩමක ජීවත්වෙන අම්මා කෙනෙක් ජිවත් වෙන අපූරුව.. අපි කොච්චර සංස්කෘතියක් තියෙන දෙමාපියන්ට සළකන ජාතියක් කියලා කිවුවත් වැඩිහිටි අයගේ අවශ්‍යතා ගැන තියෙන සැලකිල්ල අඩුයි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඇත්ත කතාව . ලියන්න දැනෙන්න. මම තාම මුල . හෙමින් අඩුපාඩු හදා ගන්නම්
      +ඔමාගේ හීන
      +Apurvi

      Delete
  3. අම්මලාට බුදුවෙන්න වරම් දෙන සමාජයක රාමුව ඒ අම්මලාටම ගල් පෙරලනවා.

    ReplyDelete
    Replies
    1. සමහරු දැක දැක නොදැක්ක වගේ ඉන්නවා නෙ?
      +මධුමාධවී රස සරණිය

      Delete
  4. ලස්සන නිර්මාණයක්. ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනා ලබදෙන ධිරියට = ඔයාලගෙ වගෙ අනර්ඝ නැහැ මගේ නිර්මාණ
      +මනාගේ පින්තාරුව

      Delete
  5. කොමෙන්ට් කරනන් ලිපියේ යටම හදන්න බැරිද වෙනම පිටුවක් ඇරෙනාවට වඩා ? කවිය නම් ලස්සනයි. සංවේදියි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි + හැදුව මම හිතන්නෙ දැන් නම් මම
      +Ajith Dharma

      Delete
  6. අපූරුයි....... කවි ටිකනම් නියමයි....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි :)
      + කුරුටු ගෑ ගී පවුර

      Delete