Apr 7, 2015

"ටක් ටක් ටක්"

කව්ද ජනේලෙ ළඟ?
මේ සීතලේ රෑ තිස්සෙ මගෙ හිත මිමුණුවා...
මාත් එක්කම වයසට ගිය ඇඳ තරඟෙට කෙඳිරි ගෑවෙ මගේ දුබල ඇට මිදුළු එක්ක මම හෙමින් හැරෙද්දි  සද්දේ දිහාවට මං ඇස් පුන්චි කරල ජනෙලේ දිහා ආයම සැරයක් බැලුවා..

මගේ ලස්සනම ලස්සන හීන මම දැක්කෙ ඔය ජනේලෙ ළඟ ඉඳන්..
.තරු මල් ඉර හඳ කුරුළු ගී වැස්ස අව්ව හිනා ඉකි ඔක්කොම ඇමිණිල තිබ්බෙ නැහැ තියෙන්නෙ ඔය ජනේලේ..
ඇවිද ගන්න වාරු නැතිවත් ජනේලෙ අද්දරට මම හෙමින් හෙමින් ගියා.
.ඉස්සර වගේ නෙවේයි දැන් මම ජනේලේ වහල  ඉන්නේ
ඈතින් පේන නමුණුකුල වගේ නොසැලී ඉන්න අපිට කියල දුන්නු කවුරුත් අපිත් එක්ක නැහැ
හ්ම්ම්ම්ම් එයාලත් අපිත් එක්ක නැහැ
මාත් එක්ක නැහැ
නමුණුකුලත් නැද්ද මන්දා ..
මගෙ ඇස් පේන්නැතුං වෙන්න ඕනි.අහන්නේ කාගෙන්ද? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
"දැන් මොලෙත් වැඩ කරන්නේ නැහැ වගේ" කියල ඇහෙන නෑහෙන ගානට කතා වෙයි.."ආ ලොකු  අම්මේ බලන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?' අහයි..අනික මට මොකටද නමුණුකුලක්?
කවි ලිව්වේ, හීන බැලුවෙ, බලපොරොත්තු අහස උසට නමුණුකුල පරද්දන්න තිබ්බෙ ඒ කාලෙනෙ?
ඔන්න ඔහේ ඒක නොතිබ්බත් මොකෝ?
"ටක් ටක් ටක්"
ඉන්නවම තමා කවුරු හරි එතනකව්ව්ව්ව්ව්ව්ව්ව්ද?" මම ඇහුව
මේ මම""ආ ආ ආ කොච්චර කාලයක් බලන් හිටියද මම?
""දන්නව"
"දන්නවා? මොනවද?"
"බලන් හිටිය කියල"
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වෙලාවකට දුකෙන් වෙලාවකට තරහෙන් තවත් වෙලාවකට ආසවෙන්"
"හා ඉතින් මට එන්න දෙන්න"
" මේ සැරෙ දාල යන්නේ නැත්ද?"
"නැහැ""කවදාවත්ම?"
"මම බොරු කියන්නෙ නැහැ"
"ඉතින් ඇයි ජනේලෙන්? දොරෙන් එන්න තිබුණනේ?"
"වටිනම තැන මෙතන නේද?මං හොයන් පැනල එන්න හැදුවෙ මෙතනින් නේද?මං එනකං බලං හිටියෙ මෙතනින් නේද?ඉතින් මෙතන හොඳයිනෙ?"
"හා"
"මොකෝ 'හා'?"
"මට කම්මැලියි වාද කරන්න .. ඔන්න ඔහේ ඕන එකක්"
"ඉන්න මම ජනේලෙ අරින්නම්"
"සීතලද"
 "ඔව්"
"දුකින්ද?"
"ඉස්සර කවදත්"
"අකමැත්තෙන්ද"
"කැමැත්තෙන්"
"එහෙනම් අත දෙන්න අපි යං"
"හා යං"
"කෝ ඉන්න මම ඔයාගෙ නලලට හාදුවක් දෙන්න .. ආය කවදාවත් ඔයා දුකින් තරහෙන් තනියෙන් ඉන්නෙ නැහැ. ඉතින් චුට්ටක් හිනා වෙන්න.. තව ටිකක්.. අර බලන්න නමුණුකුල දිගේ බැහැගෙන එන හඳ එළිය....මිහිදුම් කොමළි ඔයාව වෙලාගනියි ආදරෙන්.අර ඈත ඉඳන් හිනාවෙන සුරකුමරියෝ අතවනන්න,,,, කෝ හිනාවෙන්නේ නැත්ද?

""මං හිනාවෙලා ඉන්නෙ"
"අය්යෝ අම්මේ මේ ලොකු අම්මා එන්න බලන්න"අනේ අපිව දාල ගිහින්

9 comments:

  1. මේ තියෙන්නේ බ්ලොග් එකකුත්, දිගටම ලියන්න සුබපැතුම්

    ReplyDelete
  2. කමියා ටැංකියු මචං මේ වගේ වැඩ්ඩියක් අදුන්නලා දුන්නට..
    එල ද බ්‍රා
    අපි එනවා දිගටම

    ReplyDelete
  3. ස්තුතියි බොහොම එලද බ්‍රෝ

    ReplyDelete
  4. අප්‍රමාණ සංතෝශයි. තාත්ත කෙනෙක් දුවකගේ දස්කම් බලල සතුටු වෙනව වගේ. සාදරයෙන් පිළිගන්නව ආදරණීය බ්ලොග් ලෝකයට. සීමා මායිම් අඳුනගෙන සතුටින් ලියන්න ශක්තිය ධෛර්‍යය හා නිර්මාණාත්මක පරිචය ලැබේවා!.

    ReplyDelete
  5. මගේ හද පිරි ස්තුතිය පුද කරන්නම්. මගේ උපරිමය උත්සහය දරන්නම් කලණ මිතු

    ReplyDelete