Apr 23, 2015

මංගල සීනු 03


වාහනය එන සද්දේ මට ඇහුනා. මම හෙමින් ඒ ඇස්දෙක දිහා බැලුවා.. 


"ඌ ඉක්මනටම ආවනේ?" කියල මගෙන් ඇහුවා.


යසිත් එනකම් අපි නිහඬව හිටියා..


"ඔන්න හරි වැඩේ.. "


එයගෙ කැරට් 22කේ හිනාව මට දාලා.. ඉස්සරවෙලා වාඩි උනු තැනින්ම වාඩි උනා.


දෙන්න අතින් පයින් කතාව.


මම හිනාවෙවී බැලුව එයාල දිහා.


"ඇණ සංස්ථාවක් බං උඹ නම්..." යසිරු කිව්වා


" පස්සේ බැරියැ. ගෙදර යන්නේ නැත්ද?" මා දිහා බලන ගමන් යාලුවගෙන් ඇහුවේ..


අපි කියන ඒවා අහන් හිටිය වගේ අම්මයි කපු ඇන්ටියි සාලෙට ආවා.


"එහෙනම් කෑම ටිකක් කමු.. එන්න ලොකු දූ ඔයත්' අම්ම කිව්ව.. 


අපි පස් දෙනා කෑම කාමරයට යන කොට තමා මට මතක් උනේ

 "ආ කෑම මේසෙන් තිබ්බෙ කවුද කියලා".. වෙනදට මමනේ කරන්නේ.."

මට සද්දයක් වත් ඇහුනේ නැති හැටි.ඒත් ඉතින් මම නැගිටල යන්නද? නැහැනේ..

මේසෙ පිළිවලට හදලා.. 


නංගියි මල්ලියි හිනාවීගෙන ඉන්නවා.


හැබැයි බලං හිටියෙ අර දෙන්න දිහා..


නංගි පුරුදු විදිහට පන්සිය පන්ස් ජාතක
යම එයගෙ ඇස් වලින් කියන්න හැදුව මට..

මම ලාවට හිනා වෙන ගමන් මල්ලි දිහා බැලුවා. ඒ ඇස් රතු වෙලා..
මට හිනාව පනින්න ගියා 


" අපේ අක්කි දිහා බැලුවොත් නෙලනවා මං තොට වගේ බලන් හිටියෙ...."

කොහොම කොහොම හරි මම වාඩි වුනේ යසිරු ළඟ..


 ම්.ම්.ම්.ම්.ම් පුන්චි චකිතයක් මගෙ හිතේ මෝදු උනත් බය නැහැ වගේ හිටිය ඉතින් මාත්..

අම්ම නැගිටල හිටියෙ.. එයා යසි
ත්ට බත් බෙදන්න පටන් ගත්තා
...
යසිරු අනිත් හැන්ද අරන් ෆ්‍රයිඩ් රයිස් ටිකක් හැන්දට අරන් බෙදන්නද ඇහුවා.. 


සත්තයි කියන්නෙ මගේ කටත් ඇරුනා

ඇහි බැමුත් උඩ ගියා.


උත්තරයක් දෙන්න මට අමතක වුනාද මන්ද..


නංගි මල්ලියි දිහා නම් මට බලන්නත් බැරි උනා.

.
එයා මගේ පිඟානට බත් හැඳි දෙකහමාරක් බෙදුවා..ඇතිද ඇහුවෙත් නැහැ.. 


සලාදෙ නම් හැඩ කරල තියෙන්නේ නංගි ... මට හිතුනා



ඉවසීමෙන් ජීවිත කාළෙම අනුන්ට බත් බෙදලා තියෙනව වගෙ අද හම්බ වෙලා බත් බෙදන හැටි ... මට හිතුනා
හොඳ වෙලාවට එයාගෙ අම්මලා ආවෙ 

නැත්තෙ මට හිතුනෙ එහෙම
..
මම පිරිමියෙක්ගෙ ඉස්සර වෙලාම බලන්නෙ ඇස් දෙක 
දිහා..

අතේ ඇඟිළිත් දිහා
ත් බලනව

"හ්ම්ම් හීන් දිග ඇඟිළි:" මගෙ හිත මට කිව්වා.



හැමෝම කෑම කද්දි මොන මොනව හරි කිව්වා  (මම හැරෙන්න)


ඒ හැමෝම කතා කරන සැරේට මම ඒ දිහාවට ඔලුව හරවලා එයාලගෙ පිඟානෙන් ඉහලට ඇස් දෙක ගත්තේ නැහැ.කාගෙවත් මූන නම් බලන්න බැහැ හිතුනද මන්දා බැලුවෙ නම් නැහැ..


යසිරුගේ දිග ඇඟිලි දික් කරලා පපඩම් කෑලි තුනක් ගන්නවා මම බලන් හිටියා.. ඒව ගෙනාවෙ මගේ පිඟානට..


පුංචි ලැජ්ජාවක් මගේ හිතට ආවෙ.. 

තැන්ක් යූ නම් කිව්වේ නැහැ.

මතක ඇති කාලෙක මට කවුරුත් බෙදලා දීලා නැහැ.. ආය දවසක් ආවොත් උයයිද දන්නෙත් නැහැ කියලය් මට හිතුනෙ..


"ටිකක් ගානට නම් වැඩි තමා".. කියල මට හිතුනා..


අපි කාල ඉවර වුනාම මල්ලි නගිටල ගිහින් අයිස් ක්‍රීම් එක ගෙනාවා.. වචනයක් කියන්නෙ නැතිව.. 


9 වෙනි ලෝක මහ පුදුමය කියන්නෙ.. මෙන්න නංගි අපි හැමෝටම අයිස්ක්‍රීම් බෙදුවා..

මෙයාලා හිතයිද දන්නේ නැහැ මම පවුඩර් බබෙක් කියලා ...


'කෑම ටික නම් බොහෝම රහයි.. පුංචි මැණිකෙද ඉව්වේ' කපු ඇන්ටි අහපි


'නැහැ' මම කිව්වා ( අද දවසම තනි වචනෙ පිළිතුරු සෙල්ලම නේ මම )


ඒ උනාට අනිත් හැම දවසෙම උයන්නෙ මම කියන්න ඕනි උනා මට.
කවුරුත් ඒ ගැන කතා කළේ නැහැ..


නංගි බෙදුව අයිස්ක්‍රීම් අරන් ආවෙ මල්ලි.දෙකක්ම ගත්තු යසිරු මා ළඟින් එකක් තිබ්බ..


පණ්ඩිතයා කියලා මගේ හිත කිව්වත් පුන්චි සතුටක් මගෙ හිත පුරා .. ඇත්තමයි 


ඒ ඉතින් මම ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් කන්න ආසම නිසාම නෙවේ.

.............
මංගල සීනූ (අවසන් කොටස )


අපි කවුරුත් ටික වෙලාවක් සාලයට ආවා....

"අම්ම මම අනිද්ද කොළඹ යනවා....හෙට......ඇවිත් යන්න ද?"

අම්මෝ මෙයා ඉන්නෙ 25 වෙනි ශත වර්ශයෙද? 

ශුවර් එකටම මගෙ මුහුණ නම් රතු වෙන්න ඇති....

අම්ම බිම බලාගෙන චුට්ටක් වෙලා කල්පනා කළා.. ( සොරි .කොම් තමා... අම්ම එහෙම බිම බලගන්නෙ තීරණය අපෙ කැමැත්තට විරුද්ධව ගන්න )

"හවස කෝල් එකක් දෙන්නම් පුතා.... නමුත් ආය දවසක් එනව නම් අම්මල එක්ක එන්න වෙනවා. තේරෙනව නෙ?" අම්ම කිව්ව


"තේරෙනව.. මම අම්මලට කියන්නම්... " කිව්වා.... 

"අපි එහෙනම් ගිහින් එන්නම්.... " සමු අරන් එළියට යන කොට අපි කවුරුත් එළියට ආව.


මමයි නන්ගියි මිදුලෙ මැද නතර වුනා. කපු ඇන්ටියි අම්මයි ගේ ඇතුළට ගියා..

කාර් එකේ ජනෙලින් අත දාලා පාර්සල් එකක් ගත්තා එයා...
******හ්ම්ම්ම් "එයා" හොඳේ.

හිනාවෙලා පාර්සල් එක මට දික් කළා. "ආ ගන්න" මම අඩි දෙකක් පස්සට ගිහින් ඇහුවා

"මොනවද?" 

එයාට හිනා "ඔයා ආස දෙයක්.. චොකලට්.. ඉතින් ගන්න"

කී දෙනෙක්ට ඔහොම දෙනවද මන්දා,,, මගේ මූනත් නරක් වෙන්න ඇති..

හිත කියෙව්ව වගේ එයා ලාවට හිනා වෙල කිව්ව..

"මෙහෙම ගිහිපු මෙහෙම දෙන පළවෙනි සැරේ ඉතින් ගන්න"

එයා මං ළඟට ආවෙ නැති නිසා මට එතනට යන්න වුනා.. අඩි 7ක් 8ක්..

චොක්ලට් නම් ඉතින් එපා කියන්නෙ මොකෝ නෙ?

මට චොකලට් පෙට්ටිය දුන්නට එයා අත ඇරියෙ නැහැ ඒක.. මම මූන බැලුවා..

"මම 6.00ට විතර කෝල් එකක් දෙන්නද? ම්?" හෙමින් කෙඳිරුවා එයා.

 නංගිට වත් ඇහෙන්න නැතිව ඇති.

මම උත්තරයක් දුන්නෙ නැහැ.කටුස්සි වගෙ මූනෙ පාට වෙනස් නොකර ඉන්න මම එයාගෙ සපත්තු දිහා බලන් හිටියා..

ලැජ්ජ වෙන්නද කේන්ති ගන්නද? මන්දා පුංචි 
සතුටක් නම් හිතේ ඇතිවුනා.

" ඔන්න 6.00 ට .,,, යන්නම්. "

එයාල ගියා.. මම වාහනේ ඈතට යනව චුට්ටක් බලං හිටියා,,හැරිල බලන කොට නංගි මිදුලෙ නැහැ...

 මම හෙමින් හෙමින් වත්ත පහළට ගියා....පාර දිගේ නෙවෙයි..

මල්ලි වාඩිවෙලා ගලක් උඩ ( අපේ බැලුම් ගල.. පුංචි කාලෙ අපි සෙල්ලම් කරන කොට ඒකට කිව්වේ එහෙම .. යුද්ද කරන කොට )

"මල්ලී," මම කිව්වා

"මොකද කාර් එක ළඟට ගියේ? "( ඇස් රතු වෙලා එයාගෙ අඬලදත් කොහෙද )

"මේ චොකලට් එක ගන්න"

" චොකලට්? ලැජ්ජ නැත්ද? ආපු පළවෙනි දවසෙම එහෙම ගන්න.. කඩෙන් ගෙනත් දෙනවනේ කිව්වනම්.. ඌ මහ පල් බූරුවෙක්..එහෙම දෙනවද චොකලට්?"

මට මොනවද කියන්න ඕනි කියල හිතගන්න බැරිවුනා..මම සාරියෙ පොට දාලා එයා ළඟින් වාඩිවෙලා සපත්තු දෙක ගැලෙව්වා ...ඈතින් පේන පාර දිහා මම බලන් හිටියා ටික වෙලාවක්..

"ඔයා කැමතියි නේ ඌට?" මල්ලි ඇහුවෙ ඔරවගෙන

" ම්.ම්.ම්.ම්.ම්.ම් කැපිලා පේන හාදයා... යස ඉලන්දාරියා ඔක්කොටම වඩා මට බතුත් බෙදලා දුන්නනේ' මම විහිළුවට වගෙ කිව්වා.

"ඇත්ත කියන්න අක්කි, ඔයා කළින් ඉඳන් එයාඅව දන්නව නේද? "

"නැහැ මල්ලි, ඇත්තමයි"

"එහෙනම් අම්ම කිව්වේ ඔයා එයාගෙ ෆෝටො එක දැකලා හිනාවුනා කියලා"

" ඒ ඉතින් කාර් එක නම් හොඳයි කියල මට හිතුනා..කවුද දැන් ඩ්‍රයිවර්? කියල හිතුනෙ"

"කාර් එකක් අපි ගමු" මල්ලි කිව්ව.

අපි කතා නැතිව ටික වෙලාවක් හිටියා

" ඔයා මට මගේ අම්ම අක්කි.... මට මතක ඔයා මාව වඩා ගෙන ඉන්නවා.. මිදුලෙ හඳ දිහා බලන් සින්දු කවි කියල දුන්නෙ ඔයා... මට තුවාලයක් වුනාම කවුරු හරි ගැහුවම මම ඇඬුවේ 'අම්මා' කියල නෙවි 'අක්කී' කියලා.....

"අපි ස්කෝලෙ ඇරලා ගෙදර එන කොට ඔයා දුකෙන් ආදරෙන් හිනාවී ගෙන ඉන්නව තවමත්... අපි මහන්සියෙන් එන එක ඔයාට දුකයි .. ඒක අපිට පේනවා....
"
දන්නවනේ අම්මගෙයි, අර ගොනීගෙයි හැටි ( නන්ගි )
මම මුකුත්ම නොකිය චොකලට් පැකට් එක කැඩුවා.. 2000/= එකක්. කෑලි 20ක්.

ඉස්සර වෙලාම සමාන කොටස් 4කට බෙදල මල්ලිගෙ කොටස දුන්නා..

කවදත් වගෙ මගෙ කොටසින් 2ක් මල්ලිට දුන්නා

සාමාන්‍යෙන් එහෙමයි. ඉතුරු 2ක නන්ගිට ( සමානව දෙන්න ඕනිනෙ?)

මගෙ එක කෑවෙ නැතත් මම ආයම මල්ලිට තව දෙකක් දුන්න.. නන්ගිට පේන්නෙ නැහැනෙ?

අන්තීම චොකලට් බෝලේ මම අතෙ ගුලි කරගත්තා.

"මටත් කෑල්ලක් තියෙනවනෙ?( කාර් එකට නගින්න කළින් එයා ඇහුවම මම හිනා වුනා යාන්තමට ..)


"අක්කි තව ටික කාළයක් මෙහෙ ඉන්න අක්කි.. ආඩු ගානෙ මම " AL "කරනකම් වත්.. ඉන් පස්සේ මාත් යනවා කොහේ හරි... මල්ලිගෙ කට හඬේ තිබ්බ බැගෑපත් හඬක්..

"හරි හරි යන්කො දැන් ගෙදර " මම කිව්වා

අපි කන්ද දිගේ හෙමින් හෙමින් ගෙදරට ගියා...

කපු ඇන්ටියි අම්මයි නංගියි සාලේ

හැමෝම මං දිහා බැලුවා... මුකුත් ඇහුවෙ නැහැ... විනිශ්චයකාරි දිහා බලනව වගෙ බැලුව ,,මම මගේ තීන්දුව දුන්නා.

"මම කැමති නැහැ අම්ම.. හෙට එන්න එපා කියන්න..."

දාපු බෝම්බෙ නම් ටිකක් සැර වැඩිද මන්දා .. කවුරුත් කතා කලේ නම් නැහැ..මම කාමරේ දොර වහගෙනම බාත් රූම් එකට ගියා.. ඒකෙත් දොර වහගෙන සින්ක් එක ළඟට ගියා..
.
එයාට තියාගත්තු චොකලට බෝලෙ කුඩු වෙල,, දිය වෙන්නත් ඇවිත් අතේ රස්නෙට.. මම හෙමින් ටැප් එක ඇරලා අත ඒකට අල්ලන් හිටියා... දියවෙලා වැටෙන චොකලට් ටික අතුරුදහ්න් වෙලා ඉතුරු වුනු කොලෙත් ජනෙලෙන් එළියට වීසි කළා..

දිග හුස්මක් හෙළලා මම කණ්නාඩිය දිහා බලන් හිටියා.

කොහෝදෝ ඉඳලා ගලන් ආපු කඳුළු බිඳු දෙකක් ගලාගෙන ඇවිත් සා
රියට වැටෙනවා මම කන්නාඩියෙන් බලන් හිටියා,,,

ඒ කඳුළු කා වෙනුවෙන්ද නම් අහන්න එපා.... කවදාවත් කණ්ණාඩිය මගෙන් ඒක අහලා නැහැ.. වෙන කවුරුත් අහලත් නැහැ,උත්තරේ මං දන්නෙත් නැහැ. ඇත්තමයි..


Apr 18, 2015

~~~~මංගල සීනු~~~~02

" මං කියන්නද මම ඔයාට කැමති ඇයි කියලා?" එයා ඇහුව.


ංහා" මම කෙඳිරුවා..


"මම පොඩි කාලේ හිටියා මට බැල්ලියක්.. උගේ නම ඩින්කි..


 මම ඌට හරිඅම අදරෙයි.


 හවස එන්නේ ඌ එක්ක සෙල්ලම් කරන්න බලාගෙන.


උදේට මාව ඇහැරවන්නෙත් ඌ....


මම ස්කෝලෙ යන කොට මගෙ පස්සෙන් එනවා.. 


මම බස් එකට නගින කම්ම්ම එතන ඉන්නව


ඌට තිබුනේ හරි අහින්සක ඇස් දෙකක්...


 දුකින් පිරුණු කතා කරන ඇස් දෙකක්..


මම නිතරම ඌ එක්ක කතා කලා.


ඌ ලොරියකට හැප්පිල මැරුණා...


එදා ඉඳල මම කවදාවත් ආය බල්ලෙක් ගත්තෙ නැහැ.


ඌ වන් මාස්ටර් ඩෝග් නූනට මම වන් ඩෝග් මාස්ටර් කෙනෙක්..."


.. කියලා එයා හිනා උනා. ලස්සන් අවංක හිනාවක් කියලයි මට හිතුනෙ.අපි විනාඩියක් විතර කථා කරන්නේ නැතිව හිටිය..



දවසක් මම බදුළු යනකොට ඔයා බස් එකේ ජනේලෙන් එළිය බලාගෙන යනවා මම දැක්කා.අහම්බෙන් ඔයා මං දිහා බැලුවා.ඔයාටත් තිබුණේ ඒ ජාතියෙම අඬන ඇස්..


මං ඉතින් කට වහ ගෙනම හිටියා.. උගේ කට හඬමයි ඔයාට තියෙන්නෙ කිව්වොත්?


"මම ඒ දවස් වල හැම පෝයටම පන්සල් එනවදන්නෙවත් නැහැ නේ?  එයා මගෙන් ඇහුවා..


හ්ම්ම් දන්නෙවත් නැහැ.


"ඒක නෙවෙය් මම හෙට අනිද්ද කොළඹ  යනවා..හෙට මෙහේ එන්නද?"


"ම්?"


අම්මට කියන්නම් මම,, ඔයා හෙමින් හිතල බලල මෙ ගැන තීරණයක් ගන්න


සියුම් ගැස්මක් හිතා පුරා දුව ගියා ..සතුටක්ම නෙවි
නෙවෙත් නෙවෙයි

Apr 9, 2015

~~~~මංගල සීනු~~~~


"මේං පුන්චි නෝනා පොටෝ එක.. ඇස්වහක් කටවහක් නැහැ හෝදලා බොන්න පුළුවන් ලස්සනේ බැහැ..."
මං ළඟටම ඇවිත් දුන්නා.
කාර් එකක් ළඟ දෙන්නෙක් හිටගෙන ඉන්නවා ෆොටෝ එකේ.." කාර් එක නම් එලස් "කියන්න හිතුනත් මම කටවහ ගත්තා..
රැළි කොන්ඩේ තියෙන සුදු කෙට්ටු කෙනයි..කූරු කොන්ඩෙ තියෙන කළු කෙනයි..කළුමත් නැහැ ඉතින් ..
මම ඒක ආපහු දුන්නා...
"ඕව ඉතින් බඹා කෙටූ හැටියටනේ සිද්ධවෙන්නේ නෝනේ.පුන්චි නෝනව ඉස්කෝලේ යන කාළෙත් දැකලා තියෙනවා කිව්වේ..හරි ගුණ යහපත් දරුවෙක් නෝනෙ"
"එන්ඩ කියල බලනවා/ පස්සෙන් පහු බැරිය ඉතින්... සුදුසු දෙයක් කරන්ඩ"
සහරාවෙත් ඉර එළිය විකුණයි මෙයා ඉතින්.. කියල මට හිතුනේ කපු ඇන්ටි ගැන
"හොඳයි මම කේන්දර බලවල කියන්නම්කෝ" අම්ම කීවා.මගේ ඔළුව අංශක 90 කැරකුනේ කම්මුළට ගැහුව වගේ..
අම්ම මා දිහ බැළුවෙ නැහැ..
"අම්මේ?" මගේ හිත කෙඳිරුවා..
"මේ දවස් වල ගෙදර ඇවිත් ඉන්නේ..ඕවා කල්දාන වැඩ නෙවිනේ? මේ සෙනසුරාදාට එන්න කියමු."
"ම්.ම්.ම්.ම්.ම්.ම්. හවසට මම කෝල් එකක් දෙන්නම්.. කේන්දර බලවල"
"හොඳයි නෝනේ මම ගිහින් එන්නම්.. පුන්චි නෝනාගෙ පින තමයි ඉතිං"
.......හෙ හෙ පින් පෙට්ටියක්ද පින් පෙට්ටි හොරකම් කරන කෙනෙක්ද මන්ද......... මම මටම කියා ගත්තා
කපු ඇන්ටි ගිහින් ටික වේලාවකින් අම්මා ඇඳගෙන ගියා.
"මං මේක බල්වං එන්නම්කෝ"
එළියට බහින්න කම්මැලි අම්මා අද මෙච්චර උනන්දුවකින්? ඉරණම් කාරයද මන්දා... මම පුන්චී හිනාවකුත් එක්ක හිතුවේ..
නංගියි මල්ලියි ස්කෝලෙ ගිහින් එනකම් මම හිටියේ නොඉවසිල්ලෙන්... 
"දන්නවද වැඩක්? හරි වැඩේනේ අද උනේ.. "මම එයාල දැක්ක හැටියෙම පටන්ගත්තා..
"හරි වැඩක් නම් කමක් නැහැ..වැරදි වැඩක් නම් නේ ප්‍රශ්නේ" නංගිගෙ මුඛරි කට ඉස්සර වුනේ... 
"කෝ අම්ම?" කොහෙද ගියේ?" මට බොන්න වතුර එකක් ගේනවද?"මල්ලි ඇහුවෙ...
"අම්ම කේන්දර බලන්න ගියා.. කේන්දර ගැලපුනොත් එයාලා සෙනසුරාදා එයි" මම බෝම්බෙ අතෑරියා..
"අම්මටද?"
"නැහැ අනේ මට" මම හිනාවෙලා කීවා..
"ඔන්න දෙවෙනි මනමාලි මම හොඳේ"
"ඕක මොකද්ද... බඳින දවසෙ මම පැනලා ගියාම ඔයාට වෙයි එයාව බඳින්න.."
"අය්යෝ එහෙම කරන්න ඕනිද? ඔයා පැනල යනවද ඉතින්?"
'ඒක නෙවෙයි මගේ ප්‍රශ්නෙ...ඇලඩින්ව හම්බවෙන්නෙ කොහොමද කියලා"මල්ලි කීවේ
"ඇලඩින්? මොන?"
"දන්නෙ නැද්ද අර ඇලඩින් අර පහන තියෙන පොර"
"මොකටද?" මම එහුවෙ හිනාවෙලාම
'අපේ ගේ පහලට අරන් යන්න"
"ඒ මොකටද?"
"අර පොට්ටයට කන්ද නගින්න අමාරුය්නෙ?" මල්ලි ආයෙම කීව
"පොට්ටය?" නන්ගි සප්ත්තු ගලවන ගමන් ඇහුවා
"ඇයි ඉතින් අක්කිට කැමති වෙන්න ඌ පොට්ටයෙක්ම වෙන්න ඕනිනේ?"
"තැන්ක්යූ මම පොට්ට බබාලා 10 ක් හදලා ඔයාට දෙනවා වඩා ගන්න... මේං චූටි මාමා කියලා..
"උන් ටික ඔක්කොම මම කාමරේකට දාලා දොර වහලා...අල්ලන්න එන්න කියනවා පුළුවන් නම්..ඇස් බඳින්නත් ඕනි නැහැනේ?"
"මම මේ කල්පනා කරන්නේ ඒක නෙවෙයි.. අනිද්දට වෙඩින් එකක් ගන්නේ කොහොමද කියලා?" නංගි බත් බෙදන ගමන් ඇහුවේ..
"ශා ඔයාටත් කල්පනා කරන්න පුළුවනිද?.. ඇය් අනිද්දා?" මල්ලි ඇහුවෙ පපඩමක් කටේ ඔබාගන්න කළින්..
"නෑ ඉතින් අද කේන්දරේ එවලා.. හෙට බලන්න එන්න අහන කෙනා "අනිද්දා බඳිමු" කියයි.." නංගි හිනාවෙලා මා දිහා බලන ගමන් කීවා..
"හැබැයි ඉතින් මගෙ ලොකු මස්සිනාට 'සොරි ඩොට් කොම්' තමා
"ඒ මොකෝ?ඌට බෑ කියයි අපෙ අක්කි බඳින්න..."
" ඇයි ඉතින් මෙයාගේ නීති ටික..
'අත හෝදලද ඉන්නේ, බඩගිනිද? තේ දෙන්නද? කටේ බත් තියාගෙන කතා කරන්න එපා..පුටුවෙ හරියට වාඩිවෙන්න' "අක්කිගෙ නීති ලෝකයයි නෙ?
"අනේ මේ මම නැති දවසක් තේරෙයි"
"ඒක නම් ඇත්ත අක්කි.. අපි කාලත් ඉවරයි.. මේ බෝනික්කිට මුකුත්ම බැහැනේ? "මල්ලි ඔළුව හොල්ල හොල්ල කීවේ හරි පණ්ඩිතයෙක් වගෙයි
"එනවකෝ මගෙන් තේ එකක් ඉල්ලන්න.. අක්කි ගියාම" නංගි කට ඉස්සර කරගත්තා..
"අප්පෝ ඔයාගෙ තේ එකක් බොනවට වඩා හොඳයි වැහි දවසක ගඟේ වතුර ටිකක් බොනවා" මල්ලි කීවා
" ඇයි ඉතින් ගඟේ වතුර එදාට පැනි රහද?" මම ඇහුවෙ හිනස්සන්න හිතා ගෙන.
"නැහැ අක්කි.. අඩුම ගානේ තේ එකේ පාටවත් තියෙයි නෙ? " මල්ලි කීවා.
"අන්න අම්මා එනවා දෙන්නම දැන් නවත්තගන්න"
මම අනතුරු ඇඟෙව්වෙ කෑම මේසේදි විහිළුවටවත් එකට එක කියාගන්නවට අම්මා කැමති නැති වග දන්න නිසා...
අම්ම ඇවිත් වාඩිවෙනකම් අපි සද්ද නැතිව හිටියා..
"කේන්දර හොඳට ගැලපෙනව.. මම තව ටිකකින් කෝල් එකක් දෙනවා.. තුන් දෙනත් එක්ක එකතු වෙලා ගේයි මිදුලයි ටිකක් අස් කරන්න" අම්ම එක හුස්මට කියල කාමරයට ගියා..
" අය්යෝ මට ගනන් හදන්නත් තියෙනවා. අනික අක්කි හිටියේ ගෙදරනේ? අපි ඉස්කෝලෙත් ගිහින් ආවේ.අම්ම නම් හරිම අසාධාරණයි" නංගිගෙ ඇඬියාව පටන්ගත්තා..
"අනේ මේ කුණු කුණුව නවත්තගන්නවා. දැන් අක්කි ගියාම ඔයාටනේ ඕවා කරන්න වෙන්නේ කොහොමත්" මල්ලි හොට දැම්ම
"අනේ මේ මම නම් කරයි..ඇයි ඔයා ඉන්නේ?" නංගි
"ඒකනෙ අපි වගේ පිං කරන්න කියන්නේ... කොල්ලෙක් වෙලා ඉපදුනා නම් ඔය මුකුත් නැහැ"
මම හිමින් නැගිටලා කාමරයට ගියා.. මට දුකම දුක හිතුනෙ ඇයි කියන්න මමවත් දන්නේ නැහැ... හෙට මොන රත්තරන් බඩුද දාන්නේ කියල මට ඒ දුක අස්සෙන්ම හිතුනා.. මම ඒවා ඇඳ උඩ තියලා වලළු අරන් අතේ දාගත්තා.. මට මතක් උනේ අප්පච්චිව... නොදැනිම උණන කඳුළැලි කම්මුල් දිගේ ගලාගෙන ගියත් මට ඒවා පිහිදන්නවත් ඕනි උනේ නැහැ..
මම කොච්චර වෙලවක් එහෙම හිටියද කියන්න මම ඇත්තටම දන්නේ නැහැ..
අම්මා ඇවිත් මගේ ළඟින් ඇඟේ ගෑවී නොගෑවී වාඩි උනා..
"දුව, හෙමින් කල්පනා කරලා පස්සේ අපිට තීරනයක් ගන්න පුළුවනිනේ? ඒ අය හෙට ආපුදෙන් .අකමැති නම් බැහැ කියන්න පුළුවනිනේ නේද? ගෙදරටම පණිවිඩේ එවලා තිබ්බ නිසයි.. පොඩි කාලේ ඉඳන් කැමැත්තෙන් හිටියා කීව නිසයි.. කෙන්දරත් ගැලපෙන නිසයි.. එන්න කිවේ..
දැන් ඔයා පොඩි ළමයෙක් නෙවිනෙ? ඕවා කැරකිල එන කොට අවුරුදු තුන හතරක් යයි..
අපි හෙමින් හොයලා බලමු.. ඔයා අකමැති දෙයක් කරවලා දෙන්නේ නැහැ දුවේ මම..
ආදරෙන් අවබෝධයෙන් කී ඒ වචන මගෙ හිත සැහැල්ලු කළා..
දැන් හෙට මොනවද අඳින්න ඉන්නේ? "අම්ම නැවතිල්ලේ කීවා.
"අර සුදු චූටි මල් තියෙන දම් පාට සාරිය?" මම කීවා.
"හ්ම්.. ඔයා ඇඳගන්න උදේ අටහාමාර වගේ වෙනකොට... මම අඩුපාඩු හදන්න එන්නම්"
"එතකොට කොන්ඩේ?" අම්ම ඇහුවා..
"සාරිය ඇඳල තනි කරලට ගොතනවා.. එයා කොළොඹ උනාට මම ගමේනේ?"
"හ්ම් දැන් ඉතින් හිනාවෙන්න චුට්ටක්... '"
"කෝ ඉතින් තව ටිකක් ලස්සනට ඇස් වල හිනාව පේනකම්"
මම අම්මට තුරුළු වෙලා හිනාවුනා..
"ඕනිම දේකදි අම්ම ඔයත් එක්ක ඉන්න විත්තිය.. කොයිම වෙලාවකවත් අමතක කරන්නේ එහෙම නැහැ හොඳද? මාව තුරුළු කරගන්න ගමන් අම්මා ඇහුවා
සුදුමල් වැටිච්ච ලා දම් පාට සාරිය ඇඳගෙන තනි කරලට කොන්ඩෙ ගොතා ගත්තා... හීන් චූටි වලලු දෙකයි මාලෙයි හැම දාම දාන කරාබු දෙකයි.. හොඳටම ඇති කියලයි මට හිතුනේ.. එත්.....මං චුට්ටක් වෙලා කණාඩියෙන් බලන් හිටියා... පුංචිම පුංචි වෙලාවක් මගෙම ලෝකෙ
හ්ම්ම්ම් හ්ම්ම්ම් නංගි දොර ළඟ ඉඳන් හිනැහෙනවා.... ඒ දඟකාර ඇස් ත්ව චුට්ටකින් මොනා හරි කට කැඩිච්ච කතාවක් කියන විත්තිය මම දන්නවා..
"නංගි මෙහෙ එන්නකො ටිකක්... මම හෙමින් මිමුණුවා.. මෙන්න දොර රෙද්ද අස්සේ හැංගිලා හිටිය මල්ලි කඩා පැන්නා කාමරේ මැද්දට
කොස් කොළ ඔටුන්න දාගෙන...
බාල්දියකුයි ලී කෑල්ලකුයි අතේ තියාගෙන....
මාපට ඇඟිල්ල කටේ ගහගෙන ලීය වහළ පැත්තට උස්සල " පපර පෑං පපර පෑං අපේ අක්කි බලන්න මනමාලයෙක් එනවෝ......ඩුම් ඩුම් ඩුම් අසව් අසව්..
බාල්දියට හයියෙන් ගහන්න පටන් ගත්තෙ තාලෙට
කියමුද සිංදුවක්?
"අවසාන මොහොත මාගේ..."
අප්පෝ ඒක එප්පා මල්ලි අපි කියමු.....
"නුවර එළියෙ ටජ් මහළ හදමු රත්තරන්...."
ඕවා සින්දුද හලෝ මල්ලි පටන් ගත්ත එයාගෙ හොරනෑවයි බෙරෙයි ගහන්න
"මම ගන්නෙමි කර කාර බන්දාල.."ඊඊඊඊඊඊ ඇති අනේ..... මම හිනාවෙවී කිව්ව
ඒක නෙවි මට උදව්වක් ඕනි....මම හඬ බාල කරල දොර දිහා බලන ගමන් කිව්ව..
මල්ලි කෝටුවයි බාල්දියයි ඇඳ උඩම තියල මං ලඟට පැන්නේ අඩියට....
නංගිත් හොර වැඩකට නම් ඕනි වෙලාවක
"අම්මෝ ජම්පින්ග් ගොයින් ද? ඊයේ රෑ නෙ පැනලා යන්න තිබ්බෙ.." නංගි කිව්වේ මගෙ අල්මාරිය දිහත් බලන ගමන්
"මේ කට මෝඩි.. මහ මැට්ටියෙක් මේකි..: මල්ලි කිව්වා.. මොකද්ද අක්කි ප්‍රශ්නේ.. මගදි වාහනේට වැඩක් දෙන්නද?"
මල්ලිට කට ගන්න හම්බුනේ නැහැ
"අපෝ ඔයාට පුළුවන් ඉතින් එහෙම එකක්..හිතුවෙ සෙල්ලම් බඩුවක් කියලාද වාහනේ"නංගි කිව්වා
"අනික ඉතින් ඔයාට පැනලා යන්න ඕනි නැහැනේ.. අපි අම්මට කියමු.."
"අක්කි මේ, මෙච්චර කල් කිව්වේ නැහැනෙ මටවත්?"
"මොනවද? ඉතින් මේ කියන්න නේ යන්නේ" මම කටහඬ තවත් බාල කරල කිව්වා
"මම කියන්නම් ඕකට හොඳ උත්තරයක්.... ඔයා එළියට ගිහින් ඌට කියන්න... මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා... එයාවම තමා මම මැරි කරන්නේ කියල හොඳේ.? නංගි පටන් ගත්තා..
මම ඉතින් සුළැඟිල්ල හපන ගමන් ඇඳේ වාඩිවුණා..
හොඳ හුස්මක් අරන්
"දෙන්නම ටිකක් කට වහගන්නවද ප්ලීස්?"
"අද අර දෙන්න ආවම නංගි ටිකක් කොට සායක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන සාලෙට එන්න.."
ඔව් උන් දෙන්න පයින්ම දුවයි අම්මෝ හොල්මනක් කියලා" මල්ලි පටඣ්න් ගත්ත වදේ ගහන්න
"අය්යෝ ඉන්නකො ටිකක්.." මම ඉක්මනට කිව්වේ නංගි පටන් ගන්න කළින්
බලමු එයා ඔයා දිහා කකුල් දිහා බලයිඩ කියල .. මම කිව්වෙ
"අප්පෝ අක්කි චාර් නෙ?ඌ කොල්ලෙක් නම් බලයි" මල්ලි ආය පටන් ගත්තා
" ංආ ඔයත් බලනවා නේ එහෙනම්" නංගි ඇහුවේ..
"දැන් ඇති සද්දේ... අම්ම කාමරේට ආවෙ බුලත් හෙප්පුව අතින් අරන්.." අපි තුන් දෙනාටම කතා කරන්න අමතක වුනාද කොහෙද?
කොහොම හරි මගෙ හිත නම් නැවතුනා
"ඕකත් ඕනිමද?" මම ඇහුවෙ ඇහෙන නෑහෙන ගානට
" අක්කි ගණන් ගන්න එපා.. මම ගිහින් දෙන්නම් ඕක ටක් ගාලා' මල්ලි කිව්වේ අපිව හිනස්සන්නද මන්දා.. මට නම් හිනා ගියේ නැහැ..
"මම යනවා එළියට.. පුතත් එන්න.. දුවට මම පස්සේ කතා කරන්නම්" අම්මගෙ අවසාන තීරනය... මල්ලඉ මල්ලඉ මම දිහා බලලා ලස්සනට හිනා වෙලා... නන්ගිට විරිත්තලා කොලර් එක හදන ගමන් අම්මගෙ පස්සෙ ගියා...
අපි දෙන්නම සද්දෙ නැතුං ඇඳේ වාඩිවෙලා හිටියා...
වාහනේ ඇවිත් මිදුලෙ නැවැත්තුවා... කතා බහක් ටික වෙලාවක් .ටී .වී එකේ කොච්චර දැකල තියෙනවද... ඔන්නම් අපිට මෙහෙ ඉඳන් හඬ කවන්නත් පුළුවන් කියල නංගි කිව්වා...
"එන්න දුව" අම්ම ළඟටම ඇවිත් අතිනුත් අල්ලගෙන මගෙ අතට ආය බුලත් තට්ටුව දුන්නා..

මගෙ පය පැකිළුනේ නැතත් හිත නම් පැකිළුනා..
මම බිම බලාගෙනම අම්ම අයින් කරපු දොර රෙද්දෙන් එළියට ආවා..
ඇස් උස්සන්නෙම නැතිව මම මල්ලිගෙ නොවන සපත්තු ජොඩු දෙකක් දැක්කා..
එකක් බෝට්ටු සපත්තු දෙකක්.. ඇලඩින්ගෙ පහන නම් දැක්කෙ නැහැ..
මට ළඟිනම හිටියෙ ඒ සපත්තු දෙක දිහාවට මම හැරෙන කොටම නැගිට්ට එයා පුටුවෙන් දඩස් ගාලා.. මොනවද කුටු කුටු ගෑවත් මට තේරුනෙ නැහැ..
මම ඉතින් ඉලත්තට්ටුව දික් කළාම එයා අරන් මෙසේ උඩින් තිබ්බ (ටීපෝ එක )
හැමෝම හිනාවුනේ මොකටද මන්දා..
"දුව වාඩිවෙන්න" අම්ම කිව්ව...
යන තැනක හොඳම පුටුවේ වාඩිවෙන්න කියල මට කියල දීල තිබ්බත් මම ළඟම තිබ්බ පුටුවේ වාඩි වුනේ...දන්නවා දැන් මම රතු වෙලා ඇති කියලා.. දාඩිය උඩු තොලේ.. පිහිදන්නත් ලැජ්ජයි.. මල්ලි දිහා බලන්න ඕනි උනත් මම බිම බලාගෙනම හිටියා...
"චූටි පුතා යන්න අක්කිට උදව් කරන්න" අම්ම කිව්වේ
අක්කිට ?
එයා ඉතින් තියෙන දෙයක් රහ බල බල ඇති කියල මට හිතුනෙ..
මම හෙමින් මල්ලි දිහා බැලුවා.. එයා ලැජ්ජශීලි හිනාවාක් දාගෙන ගේ ඇතුලට ගියා.. අම්මයි කපු ඇන්ටියි නැගිටලා මිදුල පැත්තට ගියා.. මං එයාල දිහා බලන් හිටියා
අපි ලිප් ගල් තුන් වගේ කට වහගෙන හිටියා..
බුලත් තට්ටුව ගත්ත එක්කෙන නෙවි අනිත් එක්කෙනා බුලත් තට්ටුව අරන් එකෙ තියෙන එනසල් ඇටයක් සුද්ද කරන කටේ දාගත්තා..
"එහෙම හොඳද මන්ද... මගෙ හිත ඇහුවා"
එයාලා අතින් පයින් මොනවද කියා ගන්නවා මට දැනුනා.. මම නෙවෙයි ඔළුව උස්සල ඒ පැත්ත බැලුවේ
"ඉතින් කළින් අපිව දැකල තියෙනවද?"
මම ඔළුව වැනුවා..
"ආ දන්නවද එහෙනම්?" ප්‍රශ්නය ඇල්ඩින් සපත්තු කාරයගෙන්
"නැහැ" මම කිව්වා
පොඩි නිහඬියාවක්
"එහෙනම් දැක්ක කිව්වේ දැන් ඔයා?"ප්‍රශ්නය ඇල්ඩින් සපත්තු කාරයගෙන්
ෆොටෝ එක පෙන්නුවා කපු ඇන්ටි
හීන් හිනාවක් පැන්න අනිත් සපත්තු කාරයගෙන්
මගෙ ඇස් විදුලි වේගයෙන් ඒ දිහාවට ගියා... ලස්සන ලස්සන ඇස් දෙකක්... චුට්ටකට මගෙ ඇස් ඒ ඇස් ළඟ නතර වුනා...
මම ඉතින් කෝකටත් කියලා සාරියේ මල් ගනන් කරන්න වගෙ බිම බලා ගත්තා..
"දන්නවද ඕ ලෙවල් කාලේ ඉඳන් කට්ට කෑවේ..පංසල් ගියෙත් අම්මත් එක්ක නෙ?
අපි ඉතින් පංසල් ඇවිත් ගියා නේද මචං?"
"අපි? " මගෙ හිත මිමුණුවා.. මෙයාලා හිතයිද දන්නේ මම දවසට කතා කරන්නේ වචන 5යි කියලා.. නිකමට මත් හිතුනා.. පුංචි හිනාවක් ගියා මට
"ඇත්ත නංගි කිව්වේ.. මතකද ඔයාට සුපුනි?"
මම "මොන?" තනි වචනයෙන්ම පිළිතුරු දුන්නා
අර ඔයාගේ සයන්ස් ක්ලාස් ආවේ කොන්ඩෙ කපලා..
මම් චුට්ටක් කල්පනා කරලා , ඔලුව දෙපැත්තට වැනුවා.. මට මතක නැහැ ඉතින්
එයා අතේ තමා කැමතිද කියලා අහල එව්වේ මතකද?මිස්ටර් ඇලඩින් ගෙන්
මම "නැහැ" කිව්ව
"ඔයා කියල එවල තිබ්බ කේන්දරෙත් අරන් අප්පච්චිව හම්බවෙන්න තව අවුරුදු 15 කින් සළකල බලන්නම් '' කියලා
"ංආ ඔව්" මම කිව්වා
'ඔන්න ඉතින් ආවා"
මම ඉතින් ඔළුව උස්සල මගේ මද හිනාවක් දුන්නා.. කැරට් විසි දෙකේ හිනාව ගැන සළකල බලන බැරියැ පස්සෙ..
ඒක නෙවෙයි අහන්න මුකුත්ම නැත්ද? ආයමත් ඇහුවා මිස්ටර් ඇලඩින්
"නම" මම ඇහුවා
"ආ මම සසිත් මේ යසිරු අය්යා.. මෙයා මගේ මාමගේ පුතා"
"හා" මම තනි වචනයෙන්.. කට කොහෙද මන්දා
ඉතින් මම යසිරු දිහා බැලුවා .. එයා අනිමිස ලොචනේ....
"ඊලඟ ප්‍රශ්නෙත් ගන්නවා.." සසිත් ඇහුවා
අහන්න නම් ප්‍රශ්න ගොඩක් තිබ්බා .. එකක්වත් මතක නැහැ..
"ගස් නගින්න පුලුවන්ද? " මම ඇහුවා
ඉතින් යසිරු හිනාවෙනව මට දැනුනා..
මම බැලුවෙ සසිත් දිහා...එයා අතින් මොනවද කියනවා අනිත් කෙනාට
"ගස් නගින්න නම් බැරියැ. අය්යේ මම ඉක්මනට ගිහින් එන්නම් මේ ළඟට.. " කියලා නැගිට්ටා..
දැන් කවුද එතකොට මනමළයා..
?

Apr 8, 2015

අවුරුදු එනවද මන්දා



"මාර්තු මාසෙත් ආවා.... මේ පාර අවුරුද්දට මොකද කරන්නේ?"නංගි පටන් ගත්තා...
"මේ පාර අපි මාමලා ගෙදර යමුද?" මල්ලි කැමතියී එහේදි ලැබෙන නිදහසට.. මෙහේ ඉතින් අපි 'එපා තාප්ප' වලින් වට වෙලානෙ ඉන්නෙ.. මගෙ හිත හෙමින් කිව්වා..
" අප්පෝ බැහැ... නැතිනම් අපි කොළොඹ යමු" ගෙවල් ගානේ යන්න අපිටත් ගෙයක් තියෙනව නේ? කියන්න මට හිතුනත් කටවහගත්තේ ඒවට උත්තර ලැබුණම මට කටවහගන්න බැරි නිසා... ඔන්න එයාලම කියාපුදෙන්..
අම්මත් නැහැ සද්දයක්.... මම හෙමින් අම්ම දිහා බැලුවා... එයා ජනේලයෙන් එහා බලන් ඉන්නවා. අප්පච්චි මතක් වෙන්න ඇති....ඒ කාළේ අවුරුදු .... හ්ම්ම්ම්ම්ම් මගේ හිත කෙඳිරුවා..
"මේ සැරේ දොදොල් හදමුද? දොදොල් කාපු කාළයක් මතක නැහැ" නංගී කිව්වේ
එයානම් කියයි හදන්න වෙන්න මටනේ! මට හිතුනා..
"අපෝ දොදොල් වලට මහන්සි වෙන්න ඕනිනේ හරියට" මම කිව්වා...
"අය්යෝ අවුරුද්දට එක පාරනේ? මේ සැරේ හදමුකෝ ප්ලීඊඊඊඊස්" එයාගෙ 64 එකක් දැම්මා...
"තමුසේ ඉතින් පොල් ගෙඩියක් වත් ගාලා දෙයි ද නැහැනේ" මල්ලි කට දැම්මේ
"මේ ඔයා එන්න එපා මගෙ ඒවට කට දාන්න,, ඔන්න" නංගි උස් හඬින් කියද්දී මම ඇමරිකාව වගේ මැදට පැන්නා... "හරි හරි වෙන මොනවද? "
"කොකිස්"
"කැවුම්"
"සිල්ලර"
"කේක්"
මොන්ටිසෝරි එකකින් දන්න කෑම ජාති කියන්න කීවා වගේ කියන් යන්න පටන් ගත්තා...
හ්ම්ම්ම්ම් සති කීයක එෆ්. බී යන්න බැරි වෙයිද දන්නෙ නැහැ... මහජනතාව ඉල්ලිම් ඉදිරිපත් කරයි.. ජනාධිපතිනය ඒවා දෙන්න පොරොන්දු වෙයි... වැඩකරන ජනතාවට දෙය්යන්ගෙම පිහිටයි... මම හිතුවා..
" මේ, මේ පාර මම මට ඕනි එක ගන්නේ හොඳද? මට දැන'සික්ස්ටීන් ප්ලස්' හරිද නංගි පටන් ගත්තේ..
"ආ ආ ඒ කවදා ඉඳලද?පොල් ගෙඩියක් ගාලා දෙන්න බැහැ.. ඒවට විතරක් සික්ස්ටීන් ප්ලස්"... මල්ලි විරුධත්වය ප්‍රකාශ කළේ නනගිට නියවන ගමන්
"මේක හරි අසාධාරණ ලෝකයක් අප්පා. අපි ගෙදර ඉන්න කොටත් වැඩ කරන්න ඕනි.. මැරි කරලත් වැඩ කරන්න ඕනි"
"සොරි ඩොට් කොම් තමා.. ඒකට අපි වගේ පිරිමි වෙලා ඉපදෙන්න තිබුණනේ! අනික ඉතින් ඔයා මොනවද කරනව වැඩ? නේද අක්කි!!? මල්ලි හිනාවීගෙන මම දිහා බලන්නේ මාත් සහයෝගයට ගන්න... මම අහුවෙයි ඕවට..
"ගෙදර වැඩ කරන්නේ අක්කිනෙ?" මල්ලි ආයම පටන් ගත්ත...
"ඉතින් එයා මැරි කරන්න ළඟයි නෙ?" නංගිත් අතාරින්නෙ නැහැ.. දෙන්නටම අවුරුද්ද අමතකයි.
" ඇයි තමුසේ මැරි කරන්නේ නැතිද? ඔව් ඉතින් ඇස් දෙකක් තියෙන එකෙක් කැමති කර ගන්න නම් වෙන්නේ නැහැ.. හැටි විතරක්. අනික ඉතින් උයන්නත් බැරිනම්...." මල්ලිට ඉවර කරන්න ලැබුණේ නැහැ..
"ඊ ඊ ඊ බලන්නකෝ අම්මි මේ මල්ලී.. මට කරදර කරනවා.." එයා තොඳොල් වෙවී කීවා.. මම ඇස් විතරක් හරවලා අම්ම දිහා බැලුවා..එයා එයාගෙම ලෝකෙක...
නංගි ආය යුද්ධ ප්‍රකාශ කළා...
"මම උයන්න පුළුවන් කෙනෙක් කසාද බඳිනවා.."
" පුහ් උයයි එහෙනම් මේ න් කියලා" මල්ලි කිව්වා
"මට ඉතින් එල්ලුම් ගස් යන්න තමා වෙන්නෙ තමුසේ බැන්දොත්"
"ඒ මොකෝ?" නංගි ඇහුවා..
"ඇයි ඉතින් කසාද බැඳලා සතියක් යන්න කළින් ඒකා ඔයාගෙ දත් ටික ගලවනව නේ?.. මට වෙනවනෙ ඌව මරන්න ... එතකොට මාත් ගස් ඌත් ඉවරයි"
"මොකද්ද පුතා මේ කතා කරන වචන.. ඌ/ මූ/තමුසෙ මම කියලා තියෙනවා රස්තියාදුකාරයෝ වගේ කතා කරන්න එපා කියලා" අම්මා සිහිනයෙන් අවදි වෙලා කිව්වා...
"මොකද්ද මේ කසාදා බඳින කතාව? " මම හිතුව හරි අම්මා අහගෙන ඉඳලා නැහැ// ඔහේ ඇහුණු දේවල් වලින් ප්‍රෂ්න අහනවා...
" මේ සැරේ අවුරුද්දට ගේ පේන්ට් කරනවද අම්මේ" මම ඇහුවා...
' හ්ම්ම් බළමු' = අම්ම තාම තීරණයක් අරන් නැහැ අම්ම ඒ ගැන හිතනවා..
"ඔන්න පේන්ට් කළාට කමක් නැහැ.. මට නම් බැහැ ගේ අස් කරන්න" නංගි පටන්ගත්තා කන්කෙඳිරිය......
කවියක් දෙකක් ලියලා පෝස්ට් කරන්න ඕනි එෆ් බී එකේ...
"අපි ඩී.වී.ඩී 10 ක් විතර අරන් එමු ෆිල්ම්ස් ටිකක් බලන්න පුළුවනිනෙ අවුරුදු කාලේ?" මල්ලි කිව්වා
අවුරුද්දෙ තේරුම මොකද්ද? ගේ ලස්සන කරලා.. රස කෑම හදලා/ බෙදලා කාලා/ නෑගම් යන එකද? එදා අපිට තිබුණු අවුරුදු කෝ? ඔන්චිලි/ රබන්/ පන්චි/ළින්ද එක්ක ගනු දෙනු ? අපි ගමේද? නගරයෙද? ගමේ අවුරුදු උත්සවයට/ ටී වී එකේ අවුරුදු උත්සවයට සහභාගි වෙන එකද අවුරුදු උත්සවය? අප්පච්චි නැතිව අපි වෙනස් වෙලාද? ගම වෙනස්වෙලාද?

Apr 7, 2015

කලාහිත.. Kalahitha: ඇත්ත ආදරේ හා බොරු ආදරේ.. A Tear Bewails

කලාහිත.. Kalahitha: ඇත්ත ආදරේ හා බොරු ආදරේ.. A Tear Bewails

~~~ගෘහස්ත හිංසනයමද මේ?~~~(දේවාලයක කපු මහතෙකුගෙ යාතිකාවක තාලයට ගායනා කළ හැකි ලෙස ලියන්නට උත්සහ කර ඇත )

1.නෑඹිලි කොරොස් ඉගිලෙද්දී හදවත මගෙ කීරි...... ගැහේ
රෑමැද හඬන නෙතු ඉදිමී උදයෙද නිති කඳුළු ...........පිහේ
වෑහෙන සුසුම දිවි කළඹා ඉකියක රහසේම ..........නැහේ
කාහට කියමි දුක් ගින්දර පෙරදින පිටුපෑව............ රැහේ

2.සිද්ද පත්තිනි ~දේවි ඇසුනෙද~ අනේ මගෙ මේ........ කන්නලව්වද
රිද්ද ගත් හිත~හඬා වැටුනට~ සොයා බලනට කෙනෙක් ....නැතුවද
සද්ද නැතුවට~ ඉකි ගසා මම~දැවේ මසිතම ඉතින්............. ඇහුනද
 නැද්ද සක්දෙවි~ තව මෙමා වැනි~ දුකේ මිරිකෙන කතක් නොසිටිද?


3.වැද්ද ගත්තේ~ මුළු හදින්මය~ තව අයෙකු හට ඉඩ නම්~නැතේ
සද්ද මැද්දේ~ ඉවස ඉන්නේ~ හදේ සෙනෙහේ~ කොනකම ඇතේ
නැද්ද සුහදේ ~ළතෙත් බව හෙම~කෝ දීගේ ~මපැතුව සෙතේ
රිද්ද ගන්නා~ මගේ නෙතුයුග ~රසද ලුනු වැඩි කරදෙයි බතේ

4.අම්මා අප්පා~ කියන බසකට~ හිතද නොනැමුනෙ~ පෙම .......නිසාමය
රැව්වා බැන්නා ~මදිද හිමියනි~ තැලුවෙ නොසරුප්~ බස්......... කියාමය
කිව්වා හිතුවා ~යළිදු හිතුවෙමි~  දරණු කෙළෙසද~ මේ.......... අයාමය
හෙව්වා බැලුවා~ නමුදු සිදුවුනෙ~ දුකට යළි යළි ~~මා............ හෙලීමය

~~~~රහසෙම දැන් යන්න....... ගිහින්~~~~


වාවනු කෙළෙස වැහි බීරුම දුර එනවා
පායන හැඩක් නැහැ දවසම ගත වෙනවා
මෝරපු ගොයම දුටුවම මගෙ බඩ දනවා
පායපු දිනක බත් පිඩ අපෙ ගෙට ලනවා...

කෝමළ ගඟද අද සැඩ රැලි........ නංවනවා
කෑමට දෙයක් ගන්නට ඉන්..... බැරිවෙනවා
සාගිනි දැනෙන කුස රහසෙම මොර දෙනවා
යාදිනි කියමි දෙවියොත් අද........ නිදියනවා..

දේදුණු කොහිද හිරු කුමරුද යන්න.......... ගිහින්
කෑමොර දෙන්නෙ නැහැ නොකළද මෙයත් විහින්
පෑරෙන හිතම කැලඹෙයි මගෙ හඬින්........ සිහින්
පාලන දෙවියො රහසෙම දැන් යන්න....... ගිහින්..

පානය කරන ජලයෙහි මඩ පැහැය ........නිසා
බීමට නොහැක උණුකර වුව රසය.......... නසා
පායන හැඩක් නැති අහසෙන් මෙලෙස..... අසා

"ටක් ටක් ටක්"

කව්ද ජනේලෙ ළඟ?
මේ සීතලේ රෑ තිස්සෙ මගෙ හිත මිමුණුවා...
මාත් එක්කම වයසට ගිය ඇඳ තරඟෙට කෙඳිරි ගෑවෙ මගේ දුබල ඇට මිදුළු එක්ක මම හෙමින් හැරෙද්දි  සද්දේ දිහාවට මං ඇස් පුන්චි කරල ජනෙලේ දිහා ආයම සැරයක් බැලුවා..

මගේ ලස්සනම ලස්සන හීන මම දැක්කෙ ඔය ජනේලෙ ළඟ ඉඳන්..
.තරු මල් ඉර හඳ කුරුළු ගී වැස්ස අව්ව හිනා ඉකි ඔක්කොම ඇමිණිල තිබ්බෙ නැහැ තියෙන්නෙ ඔය ජනේලේ..
ඇවිද ගන්න වාරු නැතිවත් ජනේලෙ අද්දරට මම හෙමින් හෙමින් ගියා.
.ඉස්සර වගේ නෙවේයි දැන් මම ජනේලේ වහල  ඉන්නේ
ඈතින් පේන නමුණුකුල වගේ නොසැලී ඉන්න අපිට කියල දුන්නු කවුරුත් අපිත් එක්ක නැහැ
හ්ම්ම්ම්ම් එයාලත් අපිත් එක්ක නැහැ
මාත් එක්ක නැහැ
නමුණුකුලත් නැද්ද මන්දා ..
මගෙ ඇස් පේන්නැතුං වෙන්න ඕනි.අහන්නේ කාගෙන්ද? හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්
"දැන් මොලෙත් වැඩ කරන්නේ නැහැ වගේ" කියල ඇහෙන නෑහෙන ගානට කතා වෙයි.."ආ ලොකු  අම්මේ බලන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?' අහයි..අනික මට මොකටද නමුණුකුලක්?
කවි ලිව්වේ, හීන බැලුවෙ, බලපොරොත්තු අහස උසට නමුණුකුල පරද්දන්න තිබ්බෙ ඒ කාලෙනෙ?
ඔන්න ඔහේ ඒක නොතිබ්බත් මොකෝ?
"ටක් ටක් ටක්"
ඉන්නවම තමා කවුරු හරි එතනකව්ව්ව්ව්ව්ව්ව්ව්ද?" මම ඇහුව
මේ මම""ආ ආ ආ කොච්චර කාලයක් බලන් හිටියද මම?
""දන්නව"
"දන්නවා? මොනවද?"
"බලන් හිටිය කියල"
"හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්වෙලාවකට දුකෙන් වෙලාවකට තරහෙන් තවත් වෙලාවකට ආසවෙන්"
"හා ඉතින් මට එන්න දෙන්න"
" මේ සැරෙ දාල යන්නේ නැත්ද?"
"නැහැ""කවදාවත්ම?"
"මම බොරු කියන්නෙ නැහැ"
"ඉතින් ඇයි ජනේලෙන්? දොරෙන් එන්න තිබුණනේ?"
"වටිනම තැන මෙතන නේද?මං හොයන් පැනල එන්න හැදුවෙ මෙතනින් නේද?මං එනකං බලං හිටියෙ මෙතනින් නේද?ඉතින් මෙතන හොඳයිනෙ?"
"හා"
"මොකෝ 'හා'?"
"මට කම්මැලියි වාද කරන්න .. ඔන්න ඔහේ ඕන එකක්"
"ඉන්න මම ජනේලෙ අරින්නම්"
"සීතලද"
 "ඔව්"
"දුකින්ද?"
"ඉස්සර කවදත්"
"අකමැත්තෙන්ද"
"කැමැත්තෙන්"
"එහෙනම් අත දෙන්න අපි යං"
"හා යං"
"කෝ ඉන්න මම ඔයාගෙ නලලට හාදුවක් දෙන්න .. ආය කවදාවත් ඔයා දුකින් තරහෙන් තනියෙන් ඉන්නෙ නැහැ. ඉතින් චුට්ටක් හිනා වෙන්න.. තව ටිකක්.. අර බලන්න නමුණුකුල දිගේ බැහැගෙන එන හඳ එළිය....මිහිදුම් කොමළි ඔයාව වෙලාගනියි ආදරෙන්.අර ඈත ඉඳන් හිනාවෙන සුරකුමරියෝ අතවනන්න,,,, කෝ හිනාවෙන්නේ නැත්ද?

""මං හිනාවෙලා ඉන්නෙ"
"අය්යෝ අම්මේ මේ ලොකු අම්මා එන්න බලන්න"අනේ අපිව දාල ගිහින්

නින්ද සොරාගෙන

නින්ද සොරාගෙන ~හිතම ලියාගෙන~ කුමටද තව මට දුක දෙන්නේ
දුකම බෙදාගෙන~යන්න හිතූ එක~ කෙළෙසක මම තව ඉවසන්නේ
නැත්ද සමා හෙම~රුදුරු හදේ තව~ හනිකට සුදු දැන් හිනැහෙන්නේ
ලන්ද පුරාවට ~ මැවෙන ඔබේ රුව~තනියට තවමත් ළඟ ඉන්නේ

ලස්සන සමනළු පාර කියාවිද
මත්වෙන ඔය නෙතු මාව දකීවිද
පුන්සඳ හෙමිහිට ගීත ගයාවිද
අපි යළි හමු වෙන දෙමංසලේ

නින්ද සොරාගෙන ~හිතම ලියාගෙන~ කුමටද තව මට දුක දෙන්නේ
දුකම බෙදාගෙන~යන්න හිතූ එක~ කෙළෙසක මම තව ඉවසන්නේ
නැත්ද සමා හෙම~රුදුරු හදේ තව~ හනිකට සුදු දැන් හිනැහෙන්නේ
ලන්ද පුරාවට ~ මැවෙන ඔබේ රුව~තනියට තවමත් ළඟ ඉන්නේ..

තිස්සෙම මගෙ හිත ඔබම සොයාවිද
අන්සතු ඔබ ගැන හිතම හඬාවිද
මං ගැන මතකය යළිදු එබේවිද
සමුදෙමි හමුවෙමි භවෙන් භවේ

නින්ද සොරාගෙන ~හිතම ලියාගෙන~ කුමටද තව මට දුක දෙන්නේ
දුකම බෙදාගෙන~යන්න හිතූ එක~ කෙළෙසක මම තව ඉවසන්නේ
නැත්ද සමා හෙම~රුදුරු හදේ තව~ හනිකට සුදු දැන් හිනැහෙන්නේ
ලන්ද පුරාවට ~ මැවෙන ඔබේ රුව~තනියට තවමත් ළඟ ඉන්නේ

~මගෙම නංගිට ආදරෙන්~~~~

මං ළඟ  දැවටි අක්කී මගෙ හොඳය කියා
රං කිරි සිනා පෑවා නෙව නැගණි.... ඔයා"
දැං මගෙ ළඟට එන්නකො දෙව් ලියක් නියා
"සුන්දර කවට වදනේ මා වෙලුවෙ ..... ගයා..

බාධක කටොළු දුක් දැක නොසැලී..... ඉන්නේ
සාධක ඇතුව මිස සැක නොසිතා ..... ගන්නේ
මා දැක යන්න ඉඳ හිට හෝ මෙහි .... එන්නේ
නෑ දුක දකින පින  ඇත්නම්  තුටු .......වෙන්නේ.

.ගේ තුළ එකට ගුලිවී අපි හිටිය........... වගේ
ආයම ඉන්න එනවද  මගෙ  නැගණි..... අගේ
කී දෙය   අහන හැකිකම නැහැ පෙරදි... නගේ
තාමත් එහෙම ඇයි ඉන්නේ මැණික .... මගේ


.අතිනත පටල නෙක මග අපි ඇවිද ...ගයා
සමනලු පස්සෙ දිව්වට උන් ඉගිලු.... නියා
එකටම හිටිය මගෙ නැගණිය  දුරක ගියා
නිතරම සිහිවෙ ඉන්නෙමි මම දෙනෙත පියා.

.විටකදි  හඬල විටකදි  යළි හාද........ වුණා
එකමුතු කමෙන් හිටියනෙ අපි  ලෙසට මනා
රට දැය ලොවම දෙපතුළ ළඟ ඇතත් ....දිනා
දැක ගනු පිණිස එනවද  මට       පපා සිනා..

~~~~කෙසේ වනම්දෝ ආසිරි අවුරුද්දේ~~~

කෝමල සිනා හිරු කුමරුට පුදන....... නියා
කෝකිල හඬේ වෙලි සිරසද වනන....... එයා
රූමති අගේ නෙව එරබදු කොමල....... ලියා
පාවඩ එලේ නව අවුරුදු කුමරු......... සොයා.

.ගෙන් ගෙට සිනා මල් වරුසා ගෙන එන්නේ
රන් මුතු මාල කර වටකර.... හිනැහෙන්නේ
සිංහල හාලෙ සුවඳයි දැන් මතු....... වෙන්නේ
අවුරුදු කෑමෙ සුවඳින් හිත......... පිබිදෙන්නේ


නවදළු දිලේ හැඟුමකි නව ...... ඇති  වෙන්නේ
තැන තැන රබන් තරඟෙකි කනෙ රඟ   දෙන්නේ
නෙක නෙක කෙළිය සතුටට නව මං..... වෙන්නේ
එකමුතු කමෙනි ගේදොර වැඩ .....    සිදු වෙන්නේ.

.වතුපිටි නිවස කල එලියකි ඇති..... කෙරුනේ
පිරිසිදු කමට හිමි මුල් තැනමය...... ලැබුනේ
කෙළෙසක කියමි නව අවුරුදු සිරි.... වරුනේ
සිරිලක හැඩ දෙව් පුරයකි යයි ....   .හැඟුනේ.

.ඈතක සිටින අය නිවසට රොක් ....වෙන්නේ
ආගිය විත්ති සරු සාරෙට කිය........ වෙන්නේ
මෑතක සිටිය අය තව තව ලං........ වෙන්නේ
සාදය නිසා පෙර සමගිය ඇති ......... වෙන්නේ..


~~රජයේ සේවය/ පුද්ගලික සේවය~~~

සේවය කරන්නට නැහැ නිසි කණිසම ........ඇත්තේ
පේවෙන තරමටම කෝ වැඩ  මොනවට ....නැත්තේ
ලෝකය කැරකෙනව ඇයි ඒ වග නොම...... දත්තේ
සේවෙට රජයෙ මුල් තැන හිමි විය ........... යුත්තේ.

..කාලය අටේ සිට හතරට ඉවර වෙලා
සේවය නිසා නිසි වැටුපද උරුම වෙලා
ජීවය ගෙවේ හිත සතුටද  හිමිම වෙලා
කීවට මොකෝ රජෙ සේවය අගම වෙලා.

..තිත්තම ඇත්ත මෙයවේ මගෙ යහළුවනේ
සත්තම කියම සේවය රජෙ හරි අගෙනේ
ගැත්තට යදිමි ඔබගේ නැණ මං  මෙතිනේ
ඇත්තම කියමු රජයේ වැඩ හරි හොඳනේ


 ....නියමිත ලෙසට ගත හැකි නිවාඩුව රජ සේවයේ
සැළකිළි හිමිය මහජන ක්‍රියාවට නිති ලෝකයේ
පිහිටට එන්නෙ රජයයි අමාරුම රුදු  කාලයේ
හොඳ දෙය  දකිමු නවතමු පිණිපාව බොරු තාලයේ.

.පාලන කරන උතුමන් ළඟ දණින්... වැටී
පාලිත දනෝ ඉන්නා හැටි නොවී... ගැටී
"පීඩිත ගැටුම" ගැන නිහඬය කරුමෙ හැටී
කීවම දනුව  රජෙ සේවය හරිම...... වටී..

නිසි ලෙස දැණුම  ලැබ කර තව..............විභාගේ
ඉදිරිය දකිත හැක නැහැ නොව..............අභාගේ
එලෙසට හැකිද 'පොදු නොවු බැළ'හැක.. සභාගේ
අගයමු සැවොම සේවය  අගෙ ..............රජාගේ